October 11, 2025

76 වැනි හමුදා දින සැමරුමට සමගාමීව, බ්‍රිගේඩියර්වරුන් පස් දෙනෙකු මේජර් ජෙනරාල් තනතුරට උසස් කර ඇත.

මෙම උසස්වීම් සඳහා නිර්දේශය ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියිකොන්තා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ විසින් සිදු කරන ලදී.

රාජකාරියේ යෙදී සිටියදී තුවාල ලැබූ බ්‍රිගේඩියර්වරුන් පස් දෙනාගේ සේවය අගයමින්, සන්නද්ධ හමුදාපති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඔවුන් නිල වශයෙන් මේජර් ජෙනරාල් තනතුරට උසස් කර ඇති බව ශ්‍රී ලංකා හමුදාව ප්‍රකාශ කළේය.