April 9, 2026

සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියා­මන අධි­කා­රියේ නිසි අව­ස­ර­ය­කින් තොරව මෙර­ටට ගෙනා රුපි­යල් කෝටි­ය­කට අධික වටි­නා­ක­මක් ඇති බට­හිර ඖෂධ තොග­යක් සමඟ ශ්‍රී ලාංකි­ක­යන් පස්දෙ­නකු ගුව­න්තො­ටු­පළ රේගු නිල­ධා­රීන් විසින් අත්ඩං­ගු­වට ගන්නා ලදී.

ඉන්දි­යාවේ බැංග­ලෝර් නුවර සිට නීති­වි­රෝ­ධිව මෙර­ටට ගෙනා මේ ඖෂධ තොගය කටු­නා­යක ගුව­න්තො­ටු­පළ කිසි­වක් ප්‍රකාශ කිරී­මට නොමැති ‘හරිත මාවත’ ඔස්සේ පිට කර­ගෙන යෑමට තැත්කරන විට මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

සැක­ක­රු­වන් කොළඹ ප්‍රදේ­ශයේ පදිංචි අවු­රුදු 18-25ත් අතර පිරි­සකි.

මේ අතර කාන්තා­වක්ද සිටින අතර ඇය 45 හැවි­රිදි වියේ පසුවේ.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 8ක එන්නත්, පෙති, කරල් සහ ආලේ­පන ඇතු­ළත් කිලෝ ග්‍රෑම් 65ක් බර බට­හිර ඖෂධ තොග­යක් සඟ­වා­ගෙන තිබී ඇත.

මේ ඖෂධ පිළි­බඳ රේගු­වට ප්‍රකාශ කර නොති­බුණු අතර, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියා­මන අධි­කා­රියේ නිසි අව­ස­ර­ය­කින් තොරව මෙර­ටට රැගෙන විත් තිබිණි.

කටු­නා­යක ගුව­න්තො­ටු­පළ රේගු නිල­ධා­රීහු මොවුන් අත්අ­ඩං­ගුවේ තබා­ගෙන මේ පිළි­බඳ වැඩි­දුර විම­ර්ශන කර­මින් සිටිති.

මේ සැක­ක­රු­වන් මෙලෙස නීති­වි­රෝ­ධිව මෙවැනි ඖෂධ මෙර­ටට ගෙනැ­විත් ඇද්දැයි රේගුව විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇත.