
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ පසුගිය සිකුරාදා(05) ලන්ඩනයේ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ පැවැති පිළිකා මර්දන වැඩසටහනකට එක්වූවාය.
විශේෂත්වය වන්නේ ජනාධිපති ආර්යාව වශයෙන් ඇය මෙවැනි නිල කටයුත්තකට සහභාගිවූ පළමු අවස්ථාව මෙය වීමයි.
‘ප්‍රබෝධමත් වෙනසක්: පොදුරාජ්‍ය මණ්ඩලීය කලාපයේ ගැබ්ගෙල පිළිකා තුරන් කිරීම සඳහා එක්ව’ මැයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මෙම වැඩසටහනට පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ බිරින්දෑවරු ඇතුළු ආරාධිතයෝ සහභාගිවී සිටියහ.
මෙහිදී මහාචාර්ය වික්‍රමසිංහ මෙම රුවන්ඩාවේ ජෙනට් කගමේ සහ බහමාස්, ඝානා, නයිජීරියාව හා සැම්බියාව යන රටවල ජනාධිපති ආර්යාවන් සමඟ සංවාදයක නිරත විය.
(Sunday times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart