November 6, 2025

මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ ගිනිපෙට්ටි කර්මාන්ත ශාලාවක ඊයේ (05) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.

ගින්න හටගෙන ඇත්තේ කර්මාන්ත ශාලාවේ ගිනිකූරු ගබඩා කර ඇති ගබඩාවක බව වාර්තාවල දැක්වේ.

මහනුවර ගිනි නිවන හමුදා ඒකකයේ ගිනි නිවන රථ තුනක් යොදවා ගින්න නිවාදැමීමේ කටයුතු කර ඇත.

ගින්නට හේතුව සහ හානියේ ප්‍රමාණය පිළිබඳව පරීක්ෂණ පල්ලෙකැලේ පොලිසිය විසින් සිදුකරනු ලැබේ.