
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උඩමළුව පොලිස් වසමේ ජේතවනාරාමය අසල විශ්‍රාම ශාලාවක් ආසන්නයේ වන්දනා නඩයක් රැගෙන පැමිණ තිබූ බස් රථයක් ගිනිගැනීමට ලක් ව ඇති බවට අද (22) අළුයම් කාලයේ උඩමළුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම බස් රථයෙන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට අනුරාධපුර ප්‍රදේශයට වන්දනා නඩයක් පැමිණ ඇති බවත්, එම පිරිසක් මෙම විශ්‍රාම ශාලාවේ නවාතැන් ගෙන ඇති බවත් හෙළිව තිබේ.
ඔවුන් පැමිණි බස් රථයේ මෙලෙස ගින්නක් හටගෙන ඇති අතර, එම බස් රථයේ සිටි පුද්ගලයකු ගින්නට හසු වී මියගොස් ඇති බවට අනාවරණය වී ඇත.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 55 ක් පමණ වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනුරාධපුර නගර සභා ගිනි නිවිමේ ඒකකය, අනුරාධපුර පොලිසිය හා උඩමළුව පොලිසිය එක්ව ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නට හසු වූ බස් රථය සම්පුර්ණයෙන් ගිනිගෙන තිබේ.
උඩමළුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart