
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ෆින්ලන්තයේ ධනවත් පුද්ගලයකුට අධික වේගයෙන් රිය පැදවීම හේතුවෙන් ඩොලර් 129,400 ක දැවැන්ත දඩයක් නියම කර තිබේ.
ෆින්ලන්තයේ ධනවත්ම මිනිසුන්ගෙන් කෙනකු වන Andres Wiklf, Jrsvgen හි Finland’s Land දූපත ඔස්සේ එහි ප්‍රධාන නගරය වන Mariehamn දෙසට ගමන් කරමින් සිටියදී, ඔහු පැයට සැතපුම් 30ක කලාපයක ආසන්න වශයෙන් පැයට සැතපුම් 50ක වේගයෙන් ධාවනය කරමින් සිටියදී පොලිසියට හසුවිය.
දේශීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් Wiklf කියා සිටියේ තමා “හදිසියේ” වෙනස් වූ වේග සීමාව ඉක්මවා ගොස් වේගය අඩු කිරීමට උත්සාහ කළ නමුත් ප්‍රමාණවත් ලෙස වේගය අඩුකිරීමට නොහැකි වූ බවයි.
එරට ප්‍රධාන පුවත්පත වන Nya Aaland වෙත ඔහු පැවසුවේ “මම කාරණය ගැන ඇත්තටම කනගාටු වෙනවා.” යනුවෙනි.
කෙසේවෙතත් Wiklf හට දින 10ක රියදුරු බලපත්‍ර අත්හිටුවීමක් ද නියම කර ඇත.
ෆින්ලන්තයේ “දෛනික දඩ” ක්‍රමය යටතේ, පුද්ගලයකුගේ ආදායම, නීතිය බලාත්මක කිරීමේදී නිකුත් කරනු ලබන දඩයේ ප්‍රමාණය තීරණය කරන ප්‍රධාන නිර්ණායකයකි.
1921 දී ආදායම් මත පදනම් වූ “දෛනික දඩ” ක්‍රමය හඳුන්වා දුන් පළමු නෝර්ඩික් ජාතිය ෆින්ලන්තය වන අතර, එතැන් සිට යුරෝපීය රටවල් කිහිපයක්ද එය අනුගමනය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart