
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන්ගේ පැමිණිමේ හා පිටවීම සලකුණු කිරිම ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් සිදුකිරීමට පියවර ගෙන තිබේ.
තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කළේ, සෑම අංශයක්ම ආවරණය වන පරිදි ඒ සඳහා ඇගිලි සලකුණු යන්ත්‍ර ස්ථාපිත කළ බවයි.
ඒ අනුව ඉදිරියේදි අතිකාල ගණනය කිරීම් එහි සටහන් වන දත්ත මත සිදුකරනු ඇත.
තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ, සියලු පාලන කාර්යාලවලද මේ වනවිට ඇඟිලි සලකුණු යන්ත්‍ර ස්ථාපිත කර ඇති බවයි.
මීට අමතරව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු පළාත් කාර්යාල, හා තැපැල් කාර්යාලවලද ඇඟිලි සලකුණු යන්ත්‍ර පිහිටුවීමට කඩිනමින් කටයුතු කරන බව තැපැල්පතිවරයා සඳමන් කරයි.
විගණකාධිපතිවරයාගේ විගණන වාර්තාවල නිර්දේශ පදනම් කර ගනිමින් ඇගිලි සලකුණු යන්ත්‍ර පිහිටුවීමට පියවර ගෙන තිබේ.
කෙසේවෙතත් තැපැල් වෘත්තීය සමිති ගණනාවක් පසුගිය කාලයේ වැඩවර්ජනයක නිරත වූයේ මධ්‍යම තැපැල් හුවමාරුවේ ඇගිලි සලකුණු යන්ත්‍ර ස්ථාපිත කිරීමට විරෝධය පළකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart