
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් එක්දින කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානකට ඇමෙරිකානු ඩොලර් 10,000ක දඩයක් නියම කර තිබේ.
ඒ ඔහු 2025 පෙබරවාරි 2 වැනිදා කොළඹදී පැවැති පළමුපෙළ තරගයකින් ඉවත්වී, ගිවිසුම්ගත බැඳීම් කඩකිරීම සම්බන්ධයෙන් බව වාර්තා වේ.
එම ගිවිසුම් කඩකරමින් දේශීය තරගයක් අතරමගදී දසුන් ශානක එදිනම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට මෙරටින් පිටව ගොස් තිබූ බව අනාවරණ විය.
පෙබරවාරි 2 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆ්‍රැන්චයිස් ලීගයකට සහභාගී වීම සඳහා දේශීය තරඟයක් මඟහැරීමේ චෝදනාව සම්බන්ධයෙන් දසුන් ශානකට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
දසුන් ශානකට එල්ල වී ඇති චෝදනා අතර තරග තීරක වෙන්ඩෙල් ලැබ්‍රෝයි නොමග යැවීම සම්බන්ධ චෝදනාවක් ද වේ.
දේශීය තරගයේදී පන්දුවට පහරදීමේදී ඇති වූ ආබාධයක් හේතුවෙන් දින තුනක විවේකයක් නිර්දේශ කළ වෛද්‍ය සහතිකයක් එදිනට පෙර ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 2 සවස ඩුබායි ෆ්‍රැන්චයිස් කණ්ඩායමට ක්‍රීඩාකළ බවට දසුන් ශානකට චෝදනා එල්ල විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart