
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් අද (17) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
මෙම හමුව සිදුවන්නේ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති අවස්ථාවකදීය.
මැතිවරණයට අදාළ මූලික ලිය කියවිලි රැසක් මේ වනවිටත් මුද්‍රණයට භාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ අතර ජනාධිපතිවරණය සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් බිලියන 10කි.
එම මුදල් සපයාගැනීම ඇතුළු ජනාධිපතිවරණය සඳහා වැයවන මුදල නිසි කලට මහා භාණ්ඩාගරයෙන් මුදාහැරීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කිරීමට නියමිතය.
මැතිවරණයට අදාළව රාජයේ මුද්‍රණාලයාධිපතිනිය,පොලිස්පතිවරයා හා තැපැල්පතිවරයා ද පසුගිය දා මැතිවරණ කොමිසමට කැඳවා සාකච්ඡා කර තිබේ.
තව ද එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් පිරිසක් අද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවීමට නියමිතයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් ඊයේ මැතිවරණ කොමිසම හමුවිය.
මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, ඒ අනුව ජනාධිපතිවරණය මේ මස අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart