
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගියදා අකුරැස්ස සමෘද්ධි බැංකුවේ සේවයේ නියුතු නිලධාරිනියක පුද්ගලයකුට අසභ්‍ය ලෙස බැනවැඳීමෙන් අනතුරුව, ඇයගේ සේවය තහනමකට ලක්ව ඇත.
ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව, මානව හිමිකම් නිලධාරීන් ඇයව මුණගැසීමට ගොස් කරුණු විමසා තිබේ.
එහිදී ඇය මෙසේ සඳහන් කර ඇත.
“මම ජීවත් වුණේ ඒ පඩියෙන්. මම රුපියල් 44,000ක් ගත්තා. මට මේ මාසේ ඉදලා ඒ පඩිය නැති වුණා. කුලී වැඩක්වත් කරගන්න විදියක් නෑ. මේ ගැන හොයලා බලලා නැවත සේවය ලබා දෙන්න කටයුතු කරන්න.”
රාජ්‍ය සේවිකාවක් පරුෂ වචනයෙන් බැනවැදීම සම්පූර්ණයෙන්ම වරදක් බවත්, එය වරදක් බව අදාළ සේවා ස්ථානයේ ප්‍රධානීන් සියලුම දෙනා පිළිගත් බවත්, මානව හිමිකම් නිලධාරියෙක් සඳහන් කරයි.
ඔවුන්ට අදාළ විනය පරීක්ෂණ සිදුකළ බවට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් මානව හිමිකම් නිලධාරීන් වෙත ලිපියක් ලැබී ඇති අතර, ඒ අනුව මෙවැනි ක්‍රියාවන් නැවත සිදුනොකිරීමට වගබලා ගන්නා බව ඔවුන් එහිදී සඳහන් කර ඇතැයි එම නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart