July 14, 2024

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති මැති ඇමැතිවරුන්ට මේ මස අවසන් වීමට පෙර එම ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අවසාන දැනුම්දීමක් නිකුත් කර තිබේ.

මේ දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී ඇති මැති ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොමිසම පාර්ලිමේන්තු මහලේකම්වරයාට සහ ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත.

මන්ත්‍රීවරුන් තම වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතු අතර, කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් එම ප්‍රකාශ ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය.

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන අයගේ වැටුපෙන් තුනෙන් එකක අධිභාරයක් පැනවීමට නව නීති යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හට බලය ඇත.