
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනමාධ්‍ය හමුවක් අමතමින් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ, මහනුවර රථවාහන තදබදය අඩුකිරීම සඳහා රජය ක්‍රියාත්මක කිරීමට අදහස් කරන පියවර කිහිපයක් පවතින බවයි.
නගරයේ පදික උමං මාර්ග දැනට දුර්වල තත්ත්වයේ පවතින බවත් ඒවා නිසි ලෙස භාවිත නොකරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
“මෙම උමං මාර්ග අපිරිසිදුයි. අනවසර වෙළෙන්දන් සහ යාචකයන් විසින් අල්ලාගෙන සිටිනවා. ඒ නිසා මහජනතාව ඒවා භාවිත කිරීමෙන් වළකිනවා. අපි ඔවුන්ට සහන කාලයක් ලබාදෙන්න ලෑස්තියි. ඉන්පසු අනවසර වෙළෙන්දන් වෙනත් ස්ථානයකට ගෙන ගොස් යාචකයන් ඉවත් කරනවා” ඔහු පැවැසීය.
උමං මාර්ග පිරිසිදු කළ පසු, පදිකයන් මාර්ග හරහා ගමන් කිරීම සඳහා ඒවා භාවිත කිරීම අනිවාර්ය වන බවත්, වෙනත් අනවසර ප්‍රදේශවලින් මාර්ගය හරහා යෑම තහනම් කරන බවත් ඔහු තවදුරටත් පැවැසීය.
“මෙය ක්‍රියාත්මක වූ පසු, පදිකයින්ට නම් නොකළ ප්‍රදේශවලින් මාර්ගය හරහා ගමන් කිරීමට ඉඩදෙන්නේ නෑ. නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරනවා. පොලිසිය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත කාලරාමුව ඉක්මණින් ප්‍රකාශ කරනවා” ඔහු තවදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart