
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිව්යෝර්ක් නුවරදී සීක් බෙදුම්වාදය වෙනුවෙන් පෙනීසිටින ප්‍රමුඛ පෙළේ අමෙරිකානු පුරවැසියකු ඝාතනය කිරීමේ අසාර්ථක කුමන්ත්‍රණයකට සම්බන්ධ බව කියන ඉන්දීය රජයේ සේවකයකුට එරෙහිව එක්සත් ජනපදය චෝදනා ගොනුකර තිබේ.
නිව් යෝර්ක් හි දකුණු දිස්ත්‍රික්කය සඳහා වන අමෙරිකානු නීතිපති කාර්යාලය බ්‍රහස්පතින්දා නිවේදනය කළේ, විකාෂ් යාදව්ට එරෙහිව ‘කුලී පදනම මත මනුශ්‍ය ඝාතනය සහ මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනා’ ගොනුකළ බවයි.
මෙම නඩුවේ තවත් සැකකරුවෙකු වන නිඛිල් ගුප්තා චෝදනාවලට මුහුණදීම සඳහා මෙම වසර මුලදී අමෙරිකාවට පිටුවහල් කරන ලද අතර යාදව් නිදැල්ලේ සිටින බව අමෙරිකනු බලධාරීහු පවසති.
ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් වේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ , “ඉන්දියානු රජයේ සේවකයෙකු වන චූදිතයා [යාදව්], අපරාධ සහකරුවකු සමඟ කුමන්ත්‍රණය කර ඇමරිකානු භූමියේදී අමෙරිකානු පුරවැසියකු ඝාතනය කිරීමට උත්සාහ කළ” බවයි.
“ප්‍රචණ්ඩ ක්‍රියා හෝ ඔවුන්ගේ ව්‍යවස්ථානුකූලව ආරක්‍ෂිත අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සඳහා අමෙරිකාවේ වෙසෙන අයට එරෙහිව පළිගැනීමේ වෙනත් උත්සාහයන් FBI විසින් නොඉවසනු ඇත.” ඔහු පැවසුවේය.
කෙසේවෙතත් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ විකාෂ් යාදව් තවදුරටත් ඉන්දීය රජය විසින් සේවයේ යොදවා නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart