
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවුල් ආරවුලක් හේතුවෙන් අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප්රදේශයේ නිවසක් ගිනි තැබීමෙන් 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
නුවරගම් ජනපදයේ පඬිකාරමඩුව ප්රදේශයේ නිවසක අද (06) අලුයම 2.00ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇත.
පොලිසිය පැවසුවේ 43 හැවිරිදි පුද්ගලයකු තම නිවසට පෙට්රල් යොදා ගිනි තබාගැනීමේ ප්රතිඵලයක් ලෙස දියණිය සහ එම පුද්ගලයා මියගොස් ඇති බවයි.
ඔවුන් නිවස තුළ සිරවී එම ස්ථානයේදීම මියගොස් ඇත.
මෙම පුද්ගලයාගේ බිරිඳ, තවත් දරුවන් දෙදෙනකු සහ නැන්දම්මා පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාල ලැබූ බිරිඳ 36 හැවිරිදි වියේ පසුවන අතර දියණිය15 හැවිරිදි වියේත්, පුත්රයා 20 හැවිරිදි වියේත් නැන්දම්මා 66 හැවිරිදි වියේත් පසු වෙති.
ගින්න ඇතිවන අවස්ථාවේ පුත්රයා නිවස තුළ නොසිට ඇති අතර පසුව ඔහු පැමිණ පවුලේ සාමාජිකයන් බේරා ගැනීමට උත්සාහ කිරීමේදී තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.
විමර්ශනවලින් හෙළි වී ඇත්තේ සැකකරු පුරුද්දක් ලෙස මත්පැන් පානය කරන්නකු වන අතර දිගි දිගටම නිවසේ ආරවුල් ඇති වී ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් මීට පෙර ගලෙන්බිඳුණුවැව පොලිසියට පැමිණිලි කිහිපයක් ද ලැබී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අඛණ්ඩ පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart