
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙර පැවති අධිකරණ තීන්දුවක් කඩ කරමින් යුරෝපා සංගමය සතු පරිශීලක දත්ත එක්සත් ජනපදයට මාරු කිරීම හේතුවෙන් ෆේස්බුක්(Facebook) හිමිකාරීත්වය දරන මෙටා (Meta) සමාගමට වාර්තාගත යුරෝ බිලියන 1.2ක (ඩොලර් බිලියන 1.3ක) දඩයක් නියම කිරීමට යුරෝපීය දත්ත ආරක්ෂණ මණ්ඩලය පියවර ගෙන ඇත.
කෙසේවෙතත් මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව මෙටා සමාගම පවසයි.
මෙය යුරෝපයේ දත්ත රහස්‍යතා නීතිය යටතේ මෙතෙක් නියම කර ඇති විශාලතම දඩය වේ.
යුරෝපීය දත්ත ආරක්ෂණ මණ්ඩලයේ සභාපති ඇන්ඩ්‍රියා ජෙලිනෙක් පවසා ඇත්තේ මෙටා සමාගමේ ක්‍රියාකලාපය ඉතා බරපතල බවයි.
“යුරෝපයේ ෆේස්බුක් භාවිත කරන්නන් මිලියන ගණනක් සිටින නිසා පෞද්ගලික දත්ත හුවමාරු කිරීමේ පරිමාව විශාලයි. මෙම අති විශාල දඩය විසින් මෙවැනි උල්ලංඝනය කිරීම් සිදුකරන සංවිධානවලට ප්‍රබල සංඥාවක් ලබාදී ඇත ” යැයි ඇය වැඩිදුරටත් පෙන්වාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart