
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අඛණ්ඩව දෙවන මාසයටත් වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවමින් පසුගිය ජුනි මාසයේදී ඩොලර් බිලියන 1.01ක අපනයන ආදායමක් වාර්තා කර තිබේ.
ජුනි මාසයේදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 364ක් විය.
වසරේ පළමු මාස 6 තුළ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 5.9ක් වන අතර පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 10ක පහළ යෑමකි.
වෙළෙඳ හිඟය පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව (2022 ජන – ජුනි වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 3.5 ) ඩොලර් බිලියන 2.3ක් දක්වා අඩු වී තිබේ.
ජුනි මාසයේදි සංචාරක ආදායම ඩොලර් මිලියන 123ක් වන අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 173ක වැඩි වීමකි.
විදේශ ප්‍රේෂණ වශයෙන් මේ වසරේ පළමු මාස 6 තුල ලැබී ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 2,823ක් වේ.
ජුනි මාසයේදී 24,087 දෙනෙක් විදේශ රැකියා සඳහා මෙරටින් පිටත්ව ගොස් තිබෙනවා.
මැයි මාසයේදී ඩොලර් බිලියන 3.5ක් වූ නිල විදේශ සංචිත ප්‍රමාණය ජුනි මාසයේදී බිලියන 3.7 දක්වා ඉහළ ගොස් ඇත්තේ ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 250ක අයවැය සහනයත් සමගිනි.
ජුනි මාසය තුල මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳ පොළට ඇමෙරිකානු ඩොලර් මිලියන 14ක් සපයා තිබේ.
වසරේ මුල් මාස 6 තුළ මහ බැංකුව ඩොලර් බිලියන 2ක් පමණ මිලදී ගෙන ඇත.
ජුනි මාසයේදී රජයේ සුරැකුම්පත් වෙළෙඳ පොළට ලැබුණු විදේශීය ආයෝජනවල කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කරන බව මහබැංකුව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart