October 16, 2025

අභි­ර­හස් ලෙස තොටි­ල්ලක ලණු­වක එල්ලී මිය­ගියේ යැයි කියන පාසල් සිසු­වි­යගේ සිරුර සම්බ­න්ධ‍යෙන් බග­ව­න්ත­ලාව පොලී­සිය පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇත.

මෙසේ අබි­ර­හස් ලෙස මිය­ගොස් ඇත්තේ බග­ව­න්ත­ලාව පොලිස් වස­මට අයත් බොග­වාන ප්‍රදේ­ශයේ පදං­චිව සිටි බග­ව­න්ත­ලාව කිලානි දෙමළ මහ විද්‍යා­ලයේ 8 ශ්‍රේණියේ ඉගෙ­නුම ලබ­මින් සිටි ජෙම්සියා නමැති සිසු­වි­යයි.

පෙරේදා (14) දින පස්වරු 4:30ට පමණ නිවසේ තොටි­ල්ලක සෙල්ලම් කර­මින් සිටි දැරිය කඹයේ එල්ලී සිරවී සිටි බවත්, පසුව ඇය රෝහ­ල්ගත කරන විට මිය­ගොස් ඇති බවත් ඥාතීහු පව­සති.

මිය­ගිය සිසු­විගේ සිරුර පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය­ව­රයා වෙත යොමුකර ඇති අතර, මිය­ගිය සිසු­වි­යගේ සිරුර සම්බ­න්ධ­යෙන් බග­ව­න්ත­ලාව පොලී­සිය අංශ කිහි­ප­යක් ඔස්සේ විම­ර්ශන පව­ත්වයි.