
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2026 සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පතේ ජනාධිපතිවරයාගේ වියදම් ශීර්ෂයේ දී ජනාධිපතිවරයාගේ වියදම් තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවට පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තා මුදල් අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි.
කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පැවසුවේ ඇතැම් මාධ්‍ය විසින් සංසන්දනය සඳහා භාවිත කරන ලද සංඛ්‍යා වැරදි බවයි.
2025 සඳහා ජනාධිපතිවරයාගේ සැබෑ වියදම් ශීර්ෂය වාර්තා කර ඇති පරිදි රුපියල් බිලියන 2.9ක් නොව රුපියල් බිලියන 9ක් බව ඔහු පෙන්වා දෙයි.
කෙටුම්පතේ රුපියල් බිලියන 2.9ක් තිබූ නමුත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය සහ පර්යේෂණ හා සංවර්ධනය සඳහා අයවැය යෝජනා සමඟ සත්‍ය වෙන් කිරීම රුපියල් බිලියන 9ක් බව ඔහු පැහැදිලි කළේය.
ජනාධිපති ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලයේ වැටුප් සහ 2026 සඳහා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය සහ පර්යේෂණ හා සංවර්ධන ඇතුළුව පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් ලෙස ජනාධිපතිවරයාට රුපියල් බිලියන 11.37ක් වෙන් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.
2025 දී පුනරාවර්තන වියදම් ලෙස රුපියල් මිලියන 2,546ක් වෙන් කර ඇති බවත් කාර්ය මණ්ඩලයේ වැටුප් වැඩිවීම හේතුවෙන් එය රුපියල් මිලියන 2,673 දක්වා වැඩි කළ බවත් ඔහු පැවසීය.
2025 සඳහා ප්‍රාග්ධන වියදම රුපියල් මිලියන 6,454ක් වූ අතර ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය සහ පර්යේෂණ හා සංවර්ධන වියදම් සමඟ එය රුපියල් මිලියන 8,712 දක්වා වැඩි කළ බව අමාත්‍යවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart