
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රත් දෝතලු වැනි දේශීය ශාක විශේෂ ශ්‍රී ලංකාවේ අඛණ්ඩව අඩුවෙමින් පවතින අතර, දේශීය නොවන විසිතුරු තල් ගසක් රටේ නිරිතදිග වැසි වනාන්තර හරහා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එය දේශීය ජෛව විවිධත්වයට තර්ජනයක් වන බව මෑත අධ්‍යයනයකට අනුව හෙළිවී ඇත.
අදාළ තල් ගස වන අරේකා ට්රයැන්ඩ්රා, අග්නිදිග ආසියාවට ආවේණික වන අතර දැන් ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් වනාන්තර මායිම්වල සහ සෙවන සහිත යටි බිම් වාසස්ථානවල ස්වාභාවිකව වර්ධනය වී තිබේ .
1867 දී පේරාදෙණියේ රාජකීය උද්භිද උද්‍යානය හරහා මුලින්ම රටට හඳුන්වා දුන් එය, නඩත්තුව අඩුවෙන් අවශ්‍ය, භූමි අලංකරණ ශාකයක් ලෙස ජනප්‍රිය විය.
මේ සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයේ සම-කර්තෘ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන විද්‍යා හා පාරිසරික විද්‍යා දෙපාර්තමේන්තුවේ දිලිනි වික්‍රමසිංහ පැහැදිලි කරන්නේ, මෙම ශාඛය විශාල ලෙස රටේ ව්‍යාප්තවී ඇති බවයි.
මීතිරිගල සහ යගිරල වන රක්ෂිතවලට පර්යේෂණයේ ප්‍රධාන අවධානය යොමුකර ඇත.
අධ්‍යයනයෙන් හෙළිව ඇත්තේ, තාල වර්ගයට අයත් මෙම ශාඛය දීප්තිමත් රතු පැහැති ඵල බහුල ප්‍රමාණයක් නිපදවන බවයි.
මෙම පළතුරු පරවියන්, කෑදැත්තන් සහ කොහා වැනි පක්ෂීන් විසින් ඉතා කැමැත්තෙන් කාදමා බීජ විසුරුවා හරිනු ලැබේ.
එසේම දඬුලේනුන්, අනෙකුත් ලේනුන් සහ පළතුරු වවුලන් ඇතුළු ක්ෂීරපායින් ද මෙම බීජ ව්‍යාප්තියට දායක වේ.
ශාඛය ස්ථාපිත වූ පසු, දේශීය ශාක විශේෂ ආක්‍රමණශීලී ලෙස අභිබවා යන ඝන පොකුරු සාදයි. එසේම සාමාන්‍ය වනාන්තර ව්‍යාප්තිය සැළකිව යුතු ලෙස වළක්වයි.
අධ්‍යයනය මගින් හෙළිකර ඇති තොරතුවලට අනුව මෙම විශේෂය නිරීක්ෂණය කිරීමේ සහ තවදුරටත් පාරිසරික අසමතුලිතතාවය වළක්වා ගැනීම සඳහා වැළැක්වීමේ පියවර ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාවය ඉස්මතු කර පෙන්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart