
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අම්පාර, සමන්ගල පුරාවිද්‍යා පරිශ්‍රය ආශ්‍රිතව කළ කැණීමකින් පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන චාරිත්‍ර පිළිබඳ වැදගත් තොරතුරු රැසක් සොයාගෙන තිබේ.
අම්පාර හා මඩකළපුව පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ අනුශාන් මුණසිංහ සඳහන් කර ඇත්තේ, කැණීමෙන් පාදාගත් ඉපැරණි දාගැබක යට පස් ස්ථරයේ තිබී පූර්ව ඓතිහාසික යුගයේ ආදාහන කටයුතු සඳහා භාවිත කළ මැටි ඔරුවක හැඩැති ව්‍යුහයක් හමුවූ බවයි.
කැණීම සිදුකිරීමේ මූලික අරමුණ වී ඇත්තේ දාගැබේ නටබුන් පාදාගැනීමට වුවද මැටි ඔරුවක් හැඩැති ව්‍යුහය මතුවීමත් සමග කැණීම් තවදුරටත් පුළුල් කළ බව ඔහු ප්‍රකාශ කරයි.
ඉන් හමුවූ අඟුරු කොටස්වලින් කාල නිර්ණ වාර්තා ලබාගැනීමට නියමිතය.
මේ අතර කැණීමකින් පාදාගත් දාගැබේ නටබුන් අනුරාධපුර මුල් භාගයට අයත් බවට අනුමාන කෙරේ.
මෙම පුදබිම සද්ධාතිස්ස රජ සමයට අයත් බවට එහි ඇති ශිලා ලේඛන සාධක අනුව හෙළිවන බව සහකාර අධ්‍යක්ෂවරයා පවසයි.(News 1st)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart