
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ අධික වර්ෂාවට නායයෑම් සහිත ප්‍රදේශවල පස සංතෘප්ත වී තිබෙන නිසා ඉතාම අඩු වර්ෂාවකදී වුවත් නායයෑම් ඇතිවිය හැකි බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ (නායයෑම් පර්යේෂණ අංශය) ආචාර්ය ගාමිණී ජයතිස්ස පැවැසීය.
පවතින ආපදා තත්ත්වය පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා ඊයේ (04) මේ බව කීවේය.
“පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාපතනයත් සමඟ නායයාම් සම්බන්ධව ඉතා අවාසනාවන්ත තත්ත්වයක් උදා වුණා. එම වර්ෂාවත් සමඟ මේ වන විට පොළොවේ පස සංතෘප්ත වෙලා ජලය වගේ ගලාගෙන යන මට්ටමට පත් වී තිබෙනවා. එම නිසා නායයෑම් සහිත දිස්ත්‍රික්ක හැම තැනම මේ වන විට නායයෑම්, කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරලීම්, නිවාස පිටුපස කණ්ඩි අස්ථාවර වීම් වැනි තත්ත්වයක් වාර්තා වෙනවා”
“මේ වන විට භූමියේ බොහෝ ස්ථාන අස්ථාවර වී තිබෙන අවස්ථාවේදීත් ජනතාව එම ස්ථානවල රැඳීසිටින අවස්ථා පවතිනවා. නායයෑම් ලක්ෂණ තිබෙන ස්ථානවල තවමත් ජනතාව රැඳී සිටිනවා. එවැනි ස්ථානවල රැඳී නොසිට ආරක්ෂිත ස්ථාන වෙතට ගමන් කරන ලෙස අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අදාළ නිලධාරීන් අවසර දුන් පසුව නැවත එම ස්ථානවලට යා හැකියි. අවදානම් සහිත සැකසහිත නායයාම් සහිත ස්ථාන පරීක්ෂා කිරීමට භූ විද්‍යාවට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධ කරගෙන වැඩසටහනක් අප ක්‍රියාත්මක කරනවා” යැයිද ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart