May 13, 2025

වෙසක් දිනය අන්තර්ජාතික සැමරුම් දිනයක් බවට පත් කිරීමට පුරෝගාමී වූ නීතීඥ පොන්නම්බලම් රාමනාදන් සහ නීතීඥ ලක්ෂ්මන් කදිරගාමර් ඇගයීම සඳහා ඇගයීම් උලෙළක් මැයි මස 14 වනදා පැවැත්වේ.

ඒ, අලුත්කඩේ නීති විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදීය.

පස්වරු 3.30 සිට 5 දක්වා පැවැත්වෙන එම උළෙල නීති විද්‍යාලයේ විදුහල්පති ජනාධිපති නිතීඥ ප්‍රසන්න ලාල් ද අල්විස්ගේ උපදෙස් මත නීති ශිෂ්‍ය බෞද්ධ සහෝදරත්වය විසින් සංවිධාන කර තිබේ.

නීතීඥ පොන්නම්බලම් රාමනාදන් සහ නීතීඥ ලක්ෂ්මන් කදිරගාමර් යම මහත්වරුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ නීති ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වෘත්තිකයින් රැසකගේ සහභාගීත්වයෙන් එම එළෙල පැවැත්වේ.