
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දඟපන්දු යවන්නෙකු වන රංගන හේරත් සතුව තිබූ ඓතිහාසික ක්‍රිකට් වාර්තාවක් තමන් සතු කරගැනීමට ඔස්ට්‍රේලියානු ප්‍රහාරාත්මක වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් සමත් විය.
ඒ අනුව, අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් වමත් පන්දු යවන්නා බවට පත්වීමේ ගෞරවය ස්ටාර්ක් හිමිකර ගත්තේය.
විශේෂත්වයක් වන්නේ ලෝක වමත්කරුවන්ගේ දිනය යෙදී තිබූ අගෝස්තු 13 වැනි දිනදීම ඔහු මෙම අද්විතීය කඩඉම පසුකිරීමයි.
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ඩාවින්හිදී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී බංග්ලාදේශ ආරම්භක පිතිකරු ෂඩ්මන් ඉස්ලාම්ගේ කඩුල්ල දවාගැනීමත් සමඟ ස්ටාර්ක් මෙම ලෝක වාර්තාවට හිමිකම් කීවේය.
ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක රංගන හේරත් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට තරග 93කදී ඉනිම් 170ක් තුළ කඩුලු 433ක් දවාගනිමින් ටෙස්ට් ඉතිහාසයේ සාර්ථකම වමත් පන්දු යවන්නා ලෙස පෙරමුණේ පසුවිය.
ස්ටාර්ක් සිය 105 වැනි ටෙස්ට් තරගයේදී හේරත්ගේ එම වාර්තාව අතීතයට එකතු කරමින් කඩුලු 434 සීමාවට පැමිණීමට සමත් විය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart