
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත රාජ්ය ඇමැති ලොහාන් රත්වත්තේ පසුගියදා කළ ප්රකාශය හෙළාදකින බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ඉරාන් වික්රමරත්න පවසයි.
“අනුර දිසානායක මිනිස්සුන්ට පොඩි බෝක්කුවක්වත් හදලා දීලා තියෙනවද? මම දේශපාලනයේ ඉන්නකම් එතුමාට මේ රටේ ජනාධිපති වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ” යනුවෙන් පසුගියදා මහනුවර පැවති ජනහමුවක් අමතමින් රාජ්ය ඇමැති රත්වත්තේ සඳහන් කළේය.
එම ප්රකාශය හෙළාදකිමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ඉරාන් වික්රමරත්න පෙන්වාදුන්නේ ශ්රී ලංකාවේ මැතිවරණ ඇඟිලි ගැසීම් සහ ප්රචණ්ඩත්වය පිළිබඳ ඉතිහාසය සලකා බැලීමේදී එවැනි ප්රකාශ භයානක ප්රතිඵල අත්කරදී ඇති බවයි.
සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් මන්ත්රී වික්රමරත්න කියාසිටින්නේ අපේක්ෂකයකු තෝරා පත්කර ගැනීමට “ඉඩ දීමට” හෝ “ඉඩ නොදීමට” කිසිදු දේශපාලනඥයකුට අයිතියක් නොමැති බවයි.
“මම ජාතික ජන බලවේගයේ ප්රතිපත්තිවලට එකඟ නොවන අතර සජිත් මැතිවරණ ප්රමුඛයා බව විශ්වාස කරමි. අපේක්ෂකයෙකු තේරී පත්වීමට “ඉඩ දීමට” හෝ “නොදීමට” කිසිම දේශපාලනඥයෙකුට අයිතියක් නැත. ශ්රී ලංකාවේ මැතිවරණ ඇඟිලි ගැසීම් සහ ප්රචණ්ඩත්වය පිළිබඳ ඉතිහාසය සළකා බැලීමේදී එවැනි ප්රකාශයන්වල භයානක යටි පෙළක් ඇත.” යනුවෙන් සජබ මන්ත්රීවරයා එහිදී සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart