
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) නව ස්වාධීන ආයතනයක් යටතට ගෙන ඒමට රජය සැලසුම් කර ඇතැයි ජනාධිපති රනිල් වික්රමසිංහ අද (04) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් විපක්ෂය සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ යෝජනාවලට ඉඩ සැලසීමට කැමැත්තෙන් සිටින බව ද ජනාධිපතිවරයා පැවැසීය.
“EPF සහ ETF අරමුදල්වලට විදේශයන්හි ආයෝජනය කිරීමට ඉඩදිය යුතුද යන්න සාකච්ඡා කළ යුතුයි. අපි හිතන්නේ ඒකට ඉඩදිය යුතුයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විපක්ෂය සමඟ සාකච්ඡා කිරීමට අපි සූදානම්. EPF දැනට මහ බැංකුව විසින් පරිපාලනය කරනවා. ඒ වගේම ETF කම්කරු දෙපාර්තමේන්තුව විසින් හසුරුවනු ලබනවා.” යැයිද ඔහු සදහන් කළේය.
ස්වාධීන මහජන අභියාචනාධිකරණයක් පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ඉරාන් වික්රමරත්න ඇසූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, එය කළ හැකි බවයි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා විපක්ෂය එයට එකඟ වන්නේ නම් එය ක්රියාත්මක කළ හැකි බවද ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart