
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අලි මිනිස් ගැටුම් අවම කිරීමේ පියවරක් ලෙස අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අලිමංකඩ හතරක් ගැසට් කිරීමට රජය කටයුතු කරමින් තිබුණ ද මෙම ක්‍රියාවලියේදී අලින්ගේ සංචරණය සහ වාසස්ථාන සම්බන්ධ කරුණු ද සැලකිල්ලට ගත යුතු බව පරිසරවේදීහු පෙන්වා දෙති.
ඔවුන් පෙන්වාදෙන්නේ මෙරට අලි මංකඩවල සංකීර්ණ ස්වභාවය අනුව එවැනි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පරිපූර්ණ ප්‍රවේශයක් අනුගමනය නොකරන්නේ නම් රජයේ ක්‍රියාවලිය ඔස්සේ අපේක්ෂිත ප්‍රතිඵලයක් ලඟාකර ගත නොහැකි වනු ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ මිනිස් අලි සහජීවන අනුකමිටු සභාපති සුපුන් ළහිරු ප්‍රකාශ් පැහැදිලි කර ඇත්තේ, අලි මිනිස් ගැටුමේ පුළුල් සන්දර්භය තුළ අලිමංකඩ යනු නාමයක් හෝ ප්‍රවේශයක් පමණක් නොව, වන අලි ගැටළුව තවත් පැතිර ඇති ආකාරය අවබෝධ කරගැනීම බවයි.
ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගෙන් 40% ක් පමණ ජීවත්වන්නේ ආරක්ෂිත ප්‍රදේශවලින් පිටත බවත්, ඔවුන්ගේ වාසස්ථාන සහ මිනිස් වාසස්ථාන සඳහා ඉඩම් භාවිතය යන දෙකම ඛණ්ඩනය වී ඇති බවත් the morning වෙත අදහස් දක්වමින් සුපුන් ළහිරු ප්‍රකාශ් පවසා තිබේ.
එමෙන්ම ඔහු පෙන්වා දී ඇත්තේ 2020 දී පැවැති රජයට ඉදිරිපත් කරන ලද අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම හරහා එවැනි ප්‍රවේශයක් යෝජනා කළද, සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් තවමත් පත්කර නොමැති බවයි.
වත්මන් පරිපාලනය සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති නමුත් එහි ප්‍රතිඵල මෙතෙක් දක්නට නොලැබුණු බව ද ඔහු පෙන්වාදෙයි.
2014 වසරේදී බලධාරීන් විසින් අලිමංකඩ 16ක් පමණ හඳුනාගෙන ඇති බවත්, යථාර්ථය අනුව අලිමංකඩ සරල ලෙස නම් කිරීමට අපහසු වන බවත් ආරක්ෂිත ප්‍රදේශ කොරිඩෝව සමඟ සම්බන්ධ කිරීම පමණක් ඵලදායී නොවන බවත් ඔහු පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart