
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ඊට අනුබද්ධ ජාතික යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවක වැටුප් සහ හිඟ අර්ථසාධක දීමනා ගෙවීම සඳහා එම සංස්ථාවට අයත් ඉඩමක් රුපියල් බිලියන 10කට විකුණා දැමීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇතැයි වාර්තාවේ.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට යාබඳව පිහිටි මෙම ඉඩම අක්කර 17 රූට් 02 පර්චස් 17කින් සමන්විත වේ.
එමෙන්ම ජාතික යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවකයන්ට මැයි මසට හිමිවිය යුතු වැටුපින් රුපියල් සත්දහසක මුදලක් පමණක් ලැබීම හේතුවෙන්, සේවක විරෝධය දැඩි ලෙස එල්ල වී ඇත.
සිය කැමැත්තෙන්ම සේවකයන් 1100ක් විශ්‍රාම යෑමට සුදානමින් සිටින බවත්, ඔවුන් සඳහා ගෙවීමට පමණක් රුපියල් මිලියන 2600ක් අවශ්‍යවන බවත්, වාර්තා පෙන්වාදෙයි.
ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම ක්ෂේත්‍රයන්හි කටයුතු වලට බාධා එල්ල වී ඇති අතර, පෙර මෙන් නොව මේ වනවිට අදායම් මාර්ග අහිමි වීම නිසා ලැබෙන මුදලින් කොටස් වශයෙන් හෝ සේවක වැටුප් ගෙවීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම යහපාලන ආණ්ඩුව කාලසීමාවේදී, සීමාව ඉක්මවා සේවකයන් බඳවා ගැනීම සහ මෙම අධිකාරියේ මහා පරිවී ඇති බවටද චෝදනා එල්ලවී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart