
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 වර්ෂයේදී පකිස්ථානයේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් 3,120 දක්වා ඉහළ ගොස් තිබේ.
2004 වසරේ සිට පාකිස්ථානයේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම පිළිබඳව අවධානය යොමු කරන, රාජ්‍ය නොවන සංවිධානයක් (NGO) වන මානව හිමිකම් ආරක්ෂා කිරීමේ සංවිධානය (DHR) සෙනසුරාදා වාර්තාවක් නිකුත් කරමින් මේ බව දක්වා ඇත.
අතුරුදන්වූවන්ගේ පවුල් 120කට ආධාර ලබාදී ඇති බවත්, විවිධ මහාධිකරණවල නඩු 8ක් ගොනුකර ඇති බවත් වාර්තාවෙන් අනාවරණය වී තිබේ.
මෑතකදී අතුරුදහන් වූ බලුච් (Baloch) සිසුන් 69 දෙනෙකුගේ නඩු විභාගයට ගත් අතර, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සහ මානව හිමිකම් ඇමැතිවරයා වාර්තා කළේ, සිසුන් 22 දෙනෙකු සොයා ගෙන ඇති අතර, 28 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බවයි.
මානව හිමිකම් ආරක්ෂා කිරීමේ සංවිධානයේ සභාපති අමිනා මසූඩ් ජන්ජුවා (Amina Masood Janjua) පාකිස්ථානයේ අගවිනිසුරු (CJP) වෙත ආයාචනා කළේ, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග ආරම්භ කරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart