
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව ප්‍රකට විද්‍යුත් මෝටර් රථ නිපදවන ටෙස්ලාහි (Tesla) ප්‍රධාන විධායක එලෝන් මස්ක් පවසා ඇත්තේ සිය මෝටර් රථ සමාගම වේගයෙන් වර්ධනය වන වෙළඳපොලක් වන ඉන්දියාවේ ඉක්මනින් ආයෝජනය කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග නිව් යෝර්ක් හි පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව එලෝන් මස්ක් මේ බව පවසා ඇත.
අගමැති මෝඩි ඊයේ(20) එක්සත් ජනපදයට පැමිණීමෙන් පසු මුණගැසුණු ව්‍යාපාරික නායකයන් 20 දෙනා අතර ලොව අංක එකේ ධනපතියා වන එලෝන් මස්ක් ද සිටී.
“මෝදි සැබවින්ම ඉන්දියාව ගැන සැළකිලිමත් වන්නේ ඔහු ඉන්දියාවේ සැළකිවයුතු ආයෝජනයක් කිරීමට අපව පොළඹවන බැවිනි, එය අප කිරීමට අදහස් කරන දෙයක්. අපි උත්සාහ කරන්නේ නිවැරදි වේලාව සොයා ගැනීමටයි” යැයි මස්ක් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart