
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ ජනප්‍රිය ප්‍රහසන වැඩසටහන් ඉදිරිපත්කරන්නියක ලෙස සැළකෙන එලන් ඩිගනේස් එංගලන්තයේ පදිංචිවීමෙන් අනතුරුව පළමුවරට ප්‍රසිද්ධියේ පෙනීසිට තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වරටත් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව මෙම රූපවාහිනී තරුව අමෙරිකාවට සමුදී බ්‍රිතාන්‍යයේ පදිංචිය සඳහා පිටත් විය.
ඒ අනුව ග්ලූස්ටර්ෂයර් හි චෙල්ටන්හැම් හිදී ඇය පැවසුවේ බ්‍රිතාන්‍යයේ ගතකරන ජීවිතය තමාට වඩා හොඳ බවයි.
එලන් පැවසුවේ සමරිසි විවාහ සඳහා ඇති අයිතිය ඉවත් කිරීමට අමෙරිකාව තුළ යම් යම් ක්‍රියාමාර්ග පවතින බැවින් ඇය සහ බිරිඳ පෝර්ටියා ඩි රොසි එංගලන්තයේදී නැවත විවාහවීමට සළකා බලන බවයි.
ඇමරිකාව තවමත් මිනිසුන්ට ‘තමන්’ වීමට බිය දැනෙන ස්ථානයක් බව ඇය පැවසුවාය.
එලන් වසර 30ක් පුරා අමෙරිකාවේ ප්‍රකට රූපවාහිනි තරුවක් ලෙස නම් දරා සිටි අතර, ඇයගේ වැඩසටහන් අතිශය ජනප්‍රිය විය,
ඒ හරහා ඇයට ඔස්කාර්, ග්‍රැමී සහ එමීස් සම්මාන උළෙලවල ප්‍රමුඛ ස්ථානයක් හිමිවිය.
කෙසේවෙතත් අමෙරිකාව හැරදා බ්‍රිතාන්‍යයට පැමිණීමේ තීරණය අමෙරිකාවේ පරිපාලනය හේතුවෙන් ගනු ලැබූවක් ද පිළිබඳ විමසූ විට ඇය ඍජුව පවසා ඇත්තේ එය ට්‍රම්ප් නිසා ගත් තීරණයක් බවයි.
67 හැවිරිදි ඇය පැවසුවේ, තමන් සහ ඩි රොසි මුලින් සැලසුම් කර ඇත්තේ වසරකට මාස තුනක් හෝ හතරක් එක්සත් රාජධානියේ ගතකිරීමට බවයි.
එහෙත් මෙම නව තීරණය හමුවේ ඔවුන් බ්‍රිතාන්‍යයේ ජීවිතය සැලසුම් කළ බව ඇය පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart