
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ (NHDA) නිලධාරීන් පිරිසක් ජනතාවට නිවාස ණය ලබාදීමට වෙන්කර තිබූ රුපියල් මිලියන 7.8 ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් උණුසුම්කාරී තත්ත්වයක් මතුව තිබේ.
ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්රසන්න රණතුංග නියෝග කර ඇත.
ණය සඳහා වෙන් කළ මුදල් අවභාවිත කළ බව කියන NHDA හි හම්බන්තොට දිස්ත්රික්කයට අනුයුක්ත නිලධාරීන් තිදෙනකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුණෑගලට අනුයුක්ත නිලධාරියකු, ගාල්ලේ එක් නිලධාරියකු, පුත්තලමේ එක් අයෙක්, මහනුවර එක් අයකු සහ කළුතර දිස්ත්රික්කයේ සිව්දෙනකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඒ අනුව මුදල් අවභාවිත කළ බවට නිලධාරීන් 11 දෙනකුට චෝදනා එල්ල වී තිබේ.
අධිකාරියට අනුව කළුතර දිස්ත්රික්කයේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
පසුගිය කාලය තුළ ණය අයකර ගැනීමේ කටයුතු උදාසීන ආකාරයෙන් සිදුවෙමින් පැවැති අතර එය කඩිනම් කරන ලෙසද රණතුංග ඇමැතිවරයා නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart