
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දැන්වීම් පළකරමින් රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට (ලක්ෂ 120) අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු තුනක් සමඟ 49 හැවිරිදි පුද්ගලයෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, මෙම වැටලීම කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සුපිරි වෙළෙඳ සංකීර්ණ පරිශ්‍රයේදී සිදුකර ඇත.
කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්තට ලැබුණු රහසිගත තොරතුරකට අනුව, පොලිස් නිලධාරීන් කණ්ඩායමක් උපායදූතයන් ලෙස ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ල තුළ රැකවලේ සිට ඇත.
සැකකරු ගැනුම්කරුවෙකු සමඟ ගජමුතු ගනුදෙනුව සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටි අවස්ථාවේදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, ඔහු වටලා අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව සිදුකළ සෝදිසි කිරීමේදී ඔහු සන්තකයේ තිබී මෙම ගජමුතු 03 සොයාගැනීමට හැකිව ඇත.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ මෙම ගජමුතු තුන මීට වසර තුනකට පෙර සිය මිතුරෙකුගෙන් ලබාගත් ඒවා බවයි.
පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් මුදල් සොයාගැනීමේ අරමුණින් මුහුණු පොතේ දැන්වීමක් පළකර ගැනුම්කරුවකු සොයාගෙන මෙම අලෙවිය කිරීමට උත්සාහ කළ බව ඔහු වැඩිදුරටත් අනාවරණය කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ගජමුතු තුන ඉදිරි අධිකරණ කටයුතු සඳහා කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart