
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
Reliance Consumer Products Limited සමාගම ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ‘අලියා‘ සන්නාමය යටතේ ‘එලිෆන්ට් හවුස්’ (Elephant House) සමඟ එක්ව සිසිල් බීම නිෂ්පාදනය කිරීම, අලෙවි කිරීම, බෙදාහැරීම සහ විකිණීම සඳහා ළඟදීම ඉන්දීය වෙළෙදසැල් වෙත ලබා දීමට පියවර ගෙන ඇත.
Reliance Retail Ventures Limited සහ Elephant House හි පූර්ණ අනුබද්ධිත හවුල්කාරිත්වය පෙරේදා ප්‍රකාශයට පත්කර තිබේ.
Elephant House ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන John Keells Holdings PLC හි අනුබද්ධිත Ceylon Cold Stores PLC සතු වේ.
‘එලිෆන්ට් හවුස්’ සන්නාමය යටතේ, නෙක්ටෝ, ක්‍රීම් සෝඩා, ඊජීබී, ඔරේන්ජ් බාර්ලි සහ ලෙමනේඩ් ඇතුළු පාන වර්ග නිෂ්පාදනය කර අලෙවි කරයි.
ඉන්දියාවේ සුප්‍රකට ගෝලීය සන්නාම කිහිපයක භාරකරු වන රිලයන්ස් (Reliance), වසර 150ක් පුරා ගොඩනගා ඇති Elephant House හි පාරිභෝගික සන්නාමය තවදුරටත් පුළුල් කිරීමට මෙහිදී පියවර ගෙන තිබේ.
එසේම, ඉන්දියානු පාරිභෝගිකයන් වෙත නව නිෂ්පාදන ගෙන ඒමට ද මෙමගින් අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart