
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමක කොටසක් වන රුසියාවේ මැතිවරණ කොමිසමේ සභාපති ෂෙව්චෙන්කෝ එව්ජිනි, කඩදාසි ඡන්ද පත්‍රිකා වෙනුවට ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් ඡන්දය භාවිත කිරීම පිළිබඳ අවබෝධයක් ලබාදුන්නේය.
පසුගියදා කොළඹදී පැවති ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, “අපි (රුසියාව) කඩදාසි ඡන්ද පත්‍රිකා වෙනුවට ස්මාර්ට් ෆෝන් හෝ පරිගණක හරහා විද්‍යුත් ඡන්දය හඳුන්වා දී තිබෙනවා. එහි අනාගතය සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරමින් පවතිනවා” යනුවෙනි.
විදේශීය මැතිවරණ නිරීක්ෂක වැඩසටහනේ ප්‍රොටෝකෝල නිරීක්ෂකයන් ලෙස සහභාගී වන ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් රටවල් හතකට විධිමත් ආරාධනාවක් කර ඇත.
රුසියානු සමූහාණ්ඩුව, මාලදිවයින, භූතානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල මැතිවරණ කළමනාකරණ ආයතනවල සභාපති නියෝජිතයෝ මෙම රැස්වීමට සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයකු නොමැතිවීම පිළිබඳව අදහස් දක්වමින් එහිදී රාජ්‍ය නියෝජිතයන් තහවුරු කළේ, මැතිවරණ කාලසීමාව පුරාවට පූර්ණ සහයෝගීතාව සහතික කිරීම සඳහා පොලිසිය සමඟ සාකච්ඡා කර ඇති බවයි.
මැතිවරණ නිරීක්ෂණ ශක්තිමත් කිරීම සඳහා මැතිවරණ කොමිසම ප්‍රාදේශීය නිරීක්ෂකයන් සහ සිවිල් සමාජ සංවිධාන සමඟ ද හවුල් වී ඇත.
යුරෝපා සංගමය සමඟ සමීපව කටයුතු කරමින් නිරීක්ෂකයන් 80 දෙනෙකුද දිවයින පුරා යොදවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart