
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙගා වොට් 500ක ධාරිතාවෙන් යුත් මන්නාරම සහ පූනරින්හි ඉදිකිරීමට යෝජිත සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය පිළිබඳව සහ එහි කටයුතු ආරම්භ කිරීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් අද(12) පවත්වා තිබේ.
ඊට අදානි සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී අනිල් සර්දානා සහ ව්‍යපෘති නිළධාරීන් එක්ව තිබේ.
මෙහිදී ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇති ගැටළු, අභියෝග, ඉදිකිරීම් කාල රාමුව සහ මෙම ව්‍යපෘතිය 2024 දෙසැම්බර් මස අවසන් කිරීමේ අදානි සමූහයේ අභිලාශය පිළිබඳව සාකච්ඡා කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart