
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදුලිය ගාස්තුව සියයට 20කින් පහළ දැමිය යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.
එම කොමිසමේ සභාපති ජනක රත්නායක නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය 2023 වසර සඳහා ඉදිරිපත් කළ විදුලි ඉල්ලුම පිළිබඳ දත්ත සත්‍ය ඉල්ලුමට වඩා අධි තක්සේරුගත ඇස්තමේන්තුවක් බවට ඔවුන් මේ වනවිට පිළිගෙන ඇති බවය.
ඒ අනුව එම තක්සේරුව මුල්කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලය පෙබරවාරි මාසයේදී ක්‍රියාවට නැංවූ සියයට 66ක විදුලි ගාස්තුව වැරදි තීරණයක් බවට තහවුරු වී ඇති බව ද සභාපතිවරයා පෙන්වාදෙයි.
අදාළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.
“2023 වසර සදහා තමන් ඉදිරිපත් කල විදුලි ඉල්ලුම පිළිබද දත්ත සත්‍ය ඉල්ලුමට වඩා අධි තක්සේරුගත ඇස්තමේන්තුවක් බව මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන තිබේ. මේ අධිතක්සේරුගත විදුලි ඉල්ලුම් පදනම් කරගෙන ලංවීම පහුගිය පෙබරවාරි මාසයේදී යෝජනා කර ක්‍රියාවට නැගු සියයට 66ක ගාස්තු ඉහල දැමීම වැරැදි තීරණයක් බව දැන් ඔප්පු වෙනවා. මේ වසර සදහා පවතින්නේ අඩු විදුලි ඉල්ලුමක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආර්ථික කටයුතු සහ විදුලිගාස්තු අංශය විසින් නිවැරැදිව ඇස්තමේන්තු කරල තිබුණා. එවැනි අඩු විදුලි ඉල්ලුමක් පවතින නිසා තමයි 2023 පෙබරවාරි මාසයේදී සියයට 35ක පමණ අඩු විදුලි ගාස්තු වැඩි වීමක් නිර්දේශ කර තිබුණේ. එම අඩු විදුලි ගාස්තු සංශෝධන යෝජනාව වෙනුවට කොමිෂන් සභාවේ බහුතර සමාජිකයින් විසින් ලංවීම ඉදිරිපත් කර තිබු සියයට 66ක ගාස්තු සංශෝධන යෝජනාවට අනුමැතිය දුන්නා. නමුත් දැන් ඔප්පු වෙනවා විදුලි ගාස්තුව අවම වශයෙන් සියයට 20කින් වත් අඩු කළ යුතු බව. පහුගිය පෙබරවාරි මාසයේදී නිර්දේශ කල සියයට 35ක ගාස්තු සංශෝධනය ක්‍රියාවට නැඟුවානම් විදුලි පාරිභෝගිකයින් මත අනවශ්‍ය පීඩනයකන් ඇති වන්නේ නැහැ. ඒ වගේම ලංවිම මුල්‍ය තත්වයට අයහපත් ලෙස බලපෑමක් ඇති වන්නේ ද නැහැ.
දැන් වහාම කල යුත්තේ අවම වශයෙන් සියයට 20කින් වත් විදුලි ගාස්තු අඩු කිරීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart