
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදුලිබිල සංශෝධනය කිරීමට රජය සුදානම්වන ආකාරය පිළිබඳව විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර අද (24) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.
ඒ අනුව විදුලිය ඒකක 0 – 30 දක්වා කාණ්ඩය වෙනුවෙන් දැනට පවතින ඒකකයක මිල රුපියල් 5කින් අඩුකර ඇත. ඒ අනුව
එම කාණ්ඩය සඳහා ඒකකයක නව මිල රුපියල් 25කි.
මේ අතර ස්ථාවර ගාස්තුව රුපියල් 400ක සිට රුපියල් 250 දක්වා අඩුකිරීමටද යෝජනාවී ඇත.
එහිදී විදුලිබිල සඳහා පළමු කාණ්ඩයට අවමය 23%ක සහනයක් ලබා දී ඇති බව පැවසු ඇමැතිවරයා, අදාළ සහනය මෙරට පවුල් 1,744,000ක් වෙත ලැබෙන බව පෙන්වාදුන්නේය.
ඒකක 31 – 60 දක්වා විදුලිබිල 09%කින් අඩුවන අතර, එහිදී ඒකක 0 – 60 දක්වා 07%කින් විදුලි බිල අඩුකිරීමට සැලසුම් කර ඇත.
ඒකක 0 – 30 දක්වා පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 15,646ක් සඳහා ජූලි මාසයේ විදුලිබිල 23%කින් අඩුකිරීමට නියමිත අතර, ඒකක 31 – 60ත් අතර පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 10,692ක් සඳහා විදුලිබිල 07%කින් පහත දැමීමටද යෝජනා කර තිබේ.
හෝටල් කාණ්ඩය සඳහා 29% – 40% අතර විදුලිබිල අඩු කිරීමක් සිදුකිරීමට යෝජනා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart