
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සියයට 3කින් පමණක් සිදුකිරීම ප්‍රමාණවත් නොවන බව පවසමින් ජාතික ජන බලවේගය පවසන්නේ, අවම වශයෙන් සියයට 28ත් 33ත් අතර ප්‍රමාණයකින් විදුලිය ගාස්තු අඩුකිරීමේ හැකියාව පවතින බවයි.
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මහජන සාක්ෂි විමසීමේදී කරුණු ඉදිරිපත් කරමින් ජාතික ජන බලවේගයේ නියෝජිතයන් පෙන්වාදුන්නේ, අවම වශයෙන් සියයට 28 සිට 33 දක්වා විදුලි ගාස්තු සංශෝධනයක් ජනතාවට ලැබිය යුතු බවයි.
විදුලි බිල සියයට 3කින් පමණ අඩු කිරීමට විදුලිබල මණ්ඩලයේ නව යෝජනාව කිසිසේත්ම සෑහීමකට පත්නොවන බව පැවසූ ජාජබ නියෝජිතයෝ, ලංවිම නව යෝජනාවෙන් පිළිගත නොහැකි වියදම් වැඩිවීමක් ඉදිරිපත් කර ඇති බවද පැවැසීය.
මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයේ තොරතුරු මත පමණක් තීරණ නොගත යුතු බවත් පාරිභෝගිකයින්ට සාධාරණය ඉටු කිරීමට කොමිසම පියවර ගත යුතු බවත් ඔවුහු අවධාරණය කළහ.
“මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිටුවා ඇත්තේ පාර්ලිමේන්තු පනතක් මගින්. කොමිෂන් සභාව විසින් විදුලිබල මණ්ඩලය විසින් සපයනු ලබන තොරතුරු පමණක් පදනම් කර නොගෙන එහි විශේෂඥ දැනුම භාවිතා කරමින් පාරිභෝගිකයින්ට යුක්තිය ඉටු කිරීමට එහි බලතල ක්‍රියාත්මක කළ යුතුයි” යැයි ඔවුහු වැඩිදුරටත් පෙන්වාදුන්හ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart