
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැතිවරණ රැස්වීම් සහ ප්‍රචාරක කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලට යෑමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් හෝ ගුවන් යානා රජයේ වියදමින් භාවිත කිරීම තහනම් බවට මැතිවරණ කොමිෂන් සභාව සියලු අපේක්ෂකයන්ට දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායකගෙන් ලංකාදීපය කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ, රජයේ ගුවන් යානා මැතිවරණ කටයුතු සඳහා භාවිත කරන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම මුදල් ගෙවිය යුතු බවයි.
කෙසේවෙතත් මැතිවරණ නොවන වෙනත් රාජකාරී කටයුතු සඳහා ගුවන් යානා ලබාගත හැකි පුද්ගලයන්ට එවැනි කටයුතු සඳහා රජයේ ගුවන් යානා යොදාගැනීමට බාධාවක් නැති බව ද ඔහු සඳහන් කර ඇත.
මේ අතර මැතිවරණ කටයුතු සඳහා ලංගම බස් රථ සහ දුම්රිය යොදා ගන්නේ නම් ඒ සඳහා ද අනිවාර්යයෙන්ම මුදල් ගෙවා රිසිට් පත් ලබාගත යුතු බව කොමිසම දැනුම් දී ඇත.
මැතිවරණ කටයුතු සඳහා රජයේ දේපළ යොදාගැනීම පිළිබඳව ලැබෙන පැමිණිලි පිළිබඳව වහා ක්‍රියාත්මක වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට යළිත් දැනුම් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart