
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැතිවරණ වියදම් නියාමන පනතට අනුව වියදම් වාර්තා ලබානොදුන් මැතිවරණ අපේක්ෂකයන් 2,000කට ආසන්න පිරිසකට නඩු පවරා ඇතැයි පොලීසිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙන බව එම කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක ‘සිළුමිණට’ පවසා ඇත.
2024 සැප්තැම්බරයේ පැවති ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 13ක්, 2024 නොවැම්බරයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 1,700කට වැඩි පිරිසක් සහ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් පිරිසක් මේ අතර සිටින බවද සභාපතිවරයා සඳහන් කර තිබේ.
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී, එම වියදම් වාර්තා ලබානොදුන් විශාල පිරිසක් සිටින බවද, ඔවුන්ට එරෙහිව නඩු පැවරීමේ කටයුතු තවමත් අවසන් වී නැති බවද පොලීසිය කොමිසමට දැනුම් දී ඇතැයිද කළ විමසීමකට පිළිතුරු දෙමින් සභාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.
2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනතට අනුව සෑම මැතිවරණයකටම ඉදිරිපත් වන සියලු අපේක්ෂකයන් මැතිවරණ වියදම් වාර්තා ලබාදිය යුතුය.
මේ පනත යටතේ පැවැත්වූ ප්රථම මැතිවරණය 2024 ජනාධිපතිවරණයයි.
පනතට අනුව මැතිවරණයකට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයන් මැතිවරණය අවසන් වී දින 21ක් තුළ තම වියදම් වාර්තා භාර දිය යුතුය.
මේ පනතට අනුව මැතිවරණයක් සඳහා නාමයෝජනා භාර ගැනීමෙන් දින 5කට පසු මැතිවරණ කොමිසම මඟින් එම මැතිවරණයේදී එක් එක් අපේක්ෂකයන්ට ඡන්දදායකයකු වෙනුවෙන් වැයකළ හැකි වියදම් සීමාව පැනවිය යුතුය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart