
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල දෙවැනි මනාපය ගණන් කිරීම සදහා ද අවශ්‍ය කටයුතු වහාම සූදානම් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට සහ ප්‍රාදේශීය මැතිවරණ ප්‍රධානීන්ට ලිපියක් යවමින් දැනුම් දී ඇත.
මේ අනුව එම කටයුත්ත සඳහා අමතර නිලධාරීන් සූදානම් කර ගැනීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරු සහ ප්‍රාදේශීය මැතිවරණ ප්‍රධානීහු කටයුතු කරමින් සිටිති.
මැතිවරණ කොමිෂන් සභාවේදී පසුගිය 10වැනිදා පැවැති රැස්වීමේදී ද ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට උපදෙස් දී තිබිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී සිදුකෙරේ.
ඡන්ද ගණනය කිරීම සඳහා සූදානම් කෙරෙන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 1274 කි.
මේ අතර ඡන්දය ගණන් කිරීමේ ස්ථානවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ද යෙදවීමට කටයුතු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart