
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුද්ගල අනන්‍යතාව පැටලීමක් හේතුවෙන් වසර 13ක් පුරා මංකොල්ලකෑමේ නඩුවකට අසත්‍ය ලෙස අධිචෝදනා ලබා සිටි පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු කුරුණෑගල මහාධිකරණයෙන් වාර්තා වේ.
2013 වසරේ මහමුකලනාය ප්‍රදේශයේ සිදුවූ මංකොල්ලකෑමකට සම්බන්ධ ප්‍රසාද් කුමාර නමැති සැබෑ සැකකරු වෙනුවට අධිචෝදනා ලබා තිබුණේ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන ප්‍රියන්ත කුමාර නමැත්තාය.
අදාළ මංකොල්ලකෑමට කිසිදු සම්බන්ධයක් නොමැති වුවද, තමන්වද මෙම නඩුවේ සැකකරුවෙකු කර ඇතැයි සිතූ මෙම සොහොයුරා පසුගිය වසර කිහිපය පුරාම කුරුණෑගල මහාධිකරණයේ විභාග වූ නඩුව සඳහා පෙනී සිට ඇත.
මෙම වරද අනාවරණය වී ඇත්තේ ප්‍රියන්ත කුමාර අධිකරණයේ පෙනී නොසිටි දිනයක ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමෙන් අනතුරුවය.
එහිදී ඇපකරුවෙකු ලෙස කටයුතු කළ පවුලේ සාමාජිකයෙකු අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ තමන් ඇප වී සිටින්නේ චෝදනා ලබා සිටින පුද්ගලයාගේ බාල සොහොයුරා වන ප්‍රසාද් කුමාර නමැත්තාට බවයි.
අනතුරුව රජයේ නීතිඥ ශෂිකලා කුමාරි හේවාගේ, අදාළ විත්තිකරු නිවැරදිව හඳුනාගැනීම සඳහා පරීක්ෂණයක් පවත්වන ලෙස මහාධිකරණ විනිසුරු ටිකිරි කේ. ජයතිලකගෙන් ඉල්ලීමක් කළාය.
විනිසුරුවරයාගේ අවසරය පරිදි රජයේ නීතිඥවරිය විසින් එක් ඇපකාරිනියගෙන් ප්‍රශ්න කරන ලද අතර, ඇය ප්‍රකාශ කළේ තමන් ඇප වූයේ කපා දැමූ පාදයක් සහිත තම පියා වන ප්‍රසාද් කුමාර නමැත්තාට බවයි. එසේම මෙතෙක් අධිකරණයේ පෙනී සිට ඇත්තේ තම පියාගේ සොහොයුරා බවද ඇය පැවසුවාය.
තම පියාට අධිකරණයෙන් සිතාසි නිකුත් කර නොමැති බැවින් ඔහු අධිකරණයට පැමිණ නොමැති බවත්, සිතාසි ලැබෙන තෙක් ඔහු නිවසේ රැඳී සිටින බවත් ඇය වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියාය.
ඒ අනුව, වරදවා වටහාගැනීමෙන් අධිචෝදනා ලබා සිටි ප්‍රියන්ත කුමාර නමැත්තා නිදහස් කිරීමට අවසර දුන් අධිකරණය, නඩුවේ සැබෑ සැකකරු වන ප්‍රසාද් කුමාර නමැත්තාට එරෙහිව අධිචෝදනා පත්‍ර භාරදීමට කටයුතු කළේය.
මෙම නඩුව නැවත සැප්තැම්බර් 22 වනදා කැඳවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart