
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීන සංක්‍රමණිකයන් අට දෙනෙකුගේ මළ සිරුරු දකුණු මෙක්සිකෝවේ ඔක්සාවා ප්‍රාන්තයේ වෙරළ තීරයක තිබී හමුවී තිබේ.
ඔවුන් ගමන් කරමින් සිටි බෝට්ටුව පෙරළී ගොස් ඇති අතර එහිදී ඔවුන් මියයන්නට ඇති බව මෙක්සිකෝ බලධාරීන් අනුමාන කරයි.
එම බෝට්ටුව ග්වාතමාලාවේ මායිමේ චියාපාස් ප්‍රාන්තයේ ටපචුලා වෙතින් පිටත් වූවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙක්සිකානු ජාතිකයෙකුගේ මෙහෙයවීම් පරිදි මෙම සංක්‍රමණිකයන් පිරිස බෝට්ටු මගින් ප්‍රවාහනය කර ඇති බව ද සඳහන්.
අනතුරින් මියගිය පිරිස අතර කාන්තාවන් හත්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු වන බව ද සඳහන්.
එම චීන සංක්‍රමණිකයන්ගේ මළ සිරුරු සොයා ගත් මුහුදු ප්‍රදේශය මෙක්සිකෝව හරහා අමෙරිකාවට ඇතුළු වීම සඳහා නීතිවිරෝධී සංක්‍රමණිකයන් විසින් නිතර භාවිත කරන්නක් බව විදෙස් මාධ්‍ය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart