
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තායිලන්තය සමඟ නිදහස් වෙළඳ ගිවිසුම (FTA) අත්සන් කිරීමෙන් පසුව, චීනය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කරමින්, ඉදිරි මාස කිහිපය තුළ ඉන්දියාව සමඟ ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම (ETCA) පිළිබඳ සාකච්ඡා අවසන් කිරීමට ශ්‍රී ලංකාව දැන් සැලසුම් කර ඇතැයි වාර්තා අනාවරණය කරයි.
ඉන්දියාව සමඟ ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමට (ETCA) එරෙහිව ඇතැම් අංශවල විරෝධයක් පවතී.
වසර පහක විරාමයකින් පසු ශ්‍රී ලංකාව පසුගිය වසරේ ETCA පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කර තිබේ.
ඒ සම්බන්ධයෙන් වන13 වැනි සාකච්ඡා වටය මේ වසරේ ජනවාරි මාසයේදී පැවැත්විණි.
ඇමැති මණ්ඩල අනුමැතියෙන් පසු හැකි ඉක්මනින් ගිවිසුම අත්සන් කිරීමට හැකි වන පරිදි අප්‍රේල් මස අවසානය වන විට සාකච්ඡා අවසන් කිරීමේ අරමුණින් මීළඟ වටය මාර්තු 10 සහ 12 අතර කොළඹදී පැවැත්වීමට නියමිත බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
සේවා අංශය ගැන විමසූ විට මූලාශ්‍රය පැවසුවේ, ඉන්දියාව එය විවෘත කිරීමට උත්සාහ කළ නමුත් වෛද්‍ය සහ ඉංජිනේරු වැනි වෘත්තීය කාණ්ඩ සම්බන්ධයෙන් එය කිරීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ බවයි.
ශ්‍රී ලාංකීය වෘත්තිකයන්ගේ බිය දුරු කිරීමේ පියවරක් ලෙස, ඊළඟ සාකච්ඡා වටයට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) වැනි සංවිධාන සමඟ සම්බන්ධ වීමට රජය සැලසුම් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart