
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගය පක්ෂය ලෝක ප්‍රකට ඉන්දීය ආර්ථික විද්‍යාඥවරයෙක් වන ආචාර්ය මොන්ටෙක් සිං අහලුවාලියා සමඟ අන්තර් ක්‍රියාකාරී සැසියක් පවත්වා ඇත.
ආචාර්ය මොන්ටෙක් සිං අහලුවාලියා යනු ඉන්දියාවේ වඩාත්ම කීර්තිමත් සිවිල් සේවකයකු වන අතර, ඔහු මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස මෙන්ම වෙනත් තනතුරුවලද සේවය කර තිබේ.
ලෝක බැංකුවේ හිටපු අංශ ප්‍රධානියකු ලෙස විපක්ෂයේ සාමාජිකයන්ගේ ආර්ථික කළමනාකරණය පිළිබඳ ප්‍රශ්න මාලාවකට පිළිතුරු දීමට ආචාර්ය අලුවාලියාට හැකි වූ බව සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
මෙම අන්තර් ක්‍රියාකාරී සැසිවාරයට පෙර, මෙරට ජනතාවට සහ එහි ආර්ථිකයට යම් සහනයක් ලබා දිය හැකි ප්‍රතිපත්ති රාමුවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සමගි ජන බලවේගය, විපක්ෂ නායකවරයා සමඟ විශේෂ රැස්වීමක් පවත්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart