
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබිමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටය සදහා ඩිල්ශාන් මධුශංක ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබේ.
ඒ, සුදුසුකම් ලැබිමේ තරගාවලියේ පළමු වටයේ තරගය ආරම්භයට පෙර අබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවටය.
චමීරගේ තත්ත්වය තවදුරටත් යහපත් නොවන බැවින් ඩිලශාන් මධුශංක සංචිතයට කැදවිමට තීරණය කර ඇත.
ඒ අනුව දුෂ්මන්ත චමීර සිම්බාබ්වේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.
ඩිල්ශාන් මධුශංක, දුනිත් වෙල්ලාලගේ සහ සහන් ආරච්චිගේ පසුගිය 23 වැනිදා සිම්බාබ්වේ වෙත පිටත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ යම් ක්‍රීඩකයකු අබාධයකට ලක්වුවහොත් ඒ වෙනුවට ආදේශ කිරීම සදහා වේ.
ශ්‍රී ලංකාව හෙට නෙදර්ලන්තය සමග සුපිරි හයදෙනාගේ වටයේදි තරග වදිනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart