
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර් 15 පමණ දුරකින් වූ ස්ථාන තුනක දී නේපාල පොලීසිය සමඟ එක්ව ශ්‍රී ලංකා පොලීසිය කළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු ශ්‍රී ලාංකික සැකකරුවන් 06 දෙනා අද හෝ හෙට මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත.
මෙම සැකකරුවන් මෙරටට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් අද නේපාලයේ කත්මණ්ඩු බලා පිටත්ව යාමට නියමිතය.
බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් නේපාලයට ගොස් එරට පොලීසිය සමඟ කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර සිටින තවත් කාන්තාවක් ඉෂාරා සෙව්වන්දිගේ හැඩරුවට තරමක් සමාන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඉෂාරා සහ එම කාන්තාව හැරුණු කොට අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර යාපනයේ පදිංචි දෙදෙනෙක්ද සිටිති. සෙසු සැකකරුවන් දෙදෙනා කොළඹ සහ ගම්පහ පදිංචිකරුවන්ය. ඔවුන් කෙෙහල්බද්දර පද්මේ නමැත්තාගේ ගෝලයන් බව සඳහන්ය. ඔවුන් මත්කුඩු ජාලයට සම්බන්ධ අය බව ද පෙනීගොස් ඇත. ඉෂාරා සෙව්වන්දිගේ හැඩරුවට සමාන සැකකාරිය විමර්ශන සඳහා වැදගත් තැනැත්තියක් බව පෙනීයන බවත් මෙරටට ඇය රැගෙන ඒමෙන් අනතුරුව ප්‍රශ්න කිරීමෙන් බොහෝ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවනු ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.
ඉෂාරා සෙව්වන්දි හැරුණු කොට සෙසු සැකකරුවන් පිටුවහල් කිරීමක් ලෙස මෙරටට එවීමට නියමිතව ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කළේය. ඔවුන්ව මෙරටට පිටුවහල් කර එවනු ලබන්නේ ඉෂාරා සෙව්වන්දිව රැගෙන ඒමට නියමිත ගුවන්යානයේම බව සඳහන්ය. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන්යානයක් මේ වන විටත් සූදානම් බව ආරංචි මාර්ග සඳහන් කළේය.
නීතිඥවරයෙක් ලෙස පෙනී සිටි පාතාලයේ වෙඩික්කරුවකු විසින් අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවේ සිටි ගණේමුල්ලේ සංජීවට වෙඩිතබා පළායන්නේ පසුගිය පෙබරවාරි 19 වැනිදාය. දණ්ඩ නීති සංග්රහයක කොල කපා ඒ තුළ සඟවා ගිනිඅවිය අධිකරණ සංකීර්ණයට රැගෙනවිත් වෙඩික්කරුට ලබා දී ඇතැයි හෙළි වී තිබුණේ ඉෂාරා සෙව්වන්දිය.පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වෙඩික්කරුව පැය කිහිපයක් තුළ හලාවත දී අත්අඩංගුවට ගත්තද ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටිය දී ඇය රටින් පළාගොස් තිබිණි.
ගණේමුල්ලේ සංජීවගේ ඝාතනය විදේශගතව සිටිමින් එකල මෙහෙයවූ බව කියැවුණේ කෙෙහල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම විසිනි. ෙකෙහල්බද්දර පද්මේ ඇතුළු පාතාල අපරාධකරුවන් 05 දෙනෙක් ඉන්දුනීසියාවේ දී කළ මෙහෙයුමකින් මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ගණේමුල්ලේ සංජීව ඝාතනය ඇතුළු ඝාතන රැසක තොරතුරු හෙළිකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයත් සමත් විය. ඒ වන විටත් ඉෂාරා සෙව්වන්දි රටින් පළාගොස් සිටීද නැත්නම් මෙරට සැඟව සිටින්නේද යන්න ගැන විමර්ශන නිලධාරීන්ට නිශ්චිත තොරතුරක් ලැබී තිබුණේ නැත. ගණේමුල්ලේ සංජීවගේ ඝාතනයෙන් දින කිහිපයකට පසු ඉෂාරාව ඉන්දියාවට ගෙන්වාගත් බව ප්‍රශ්න කිරීම් හමුවේ කෙෙහල්බද්දර පද්මේ විසින් හෙළිකර තිබිණි. ඇය ඉන්දියාවට ගෙන්වා ගත්තේ බෝට්ටුවකින් බව ද කියැවිණි. ඉන්දියාවේ කෙටි කාලයක් රඳවා තබාගෙන දේශසීමා පන්නමින් ඇයව නේපාලයට ගෙන්වාගැනීමට කටයුතු කළ බව ද කෙහෙල්බද්දර පද්මේ විසින් හෙළිකර තිබිණි. සැලසුම වී තිබී ඇත්තේ ව්‍යාජ විෙදස් ගමන් බලපත්‍රයකින් ඇයව නේපාලයේ සිට යුරෝපීය රටකට පැන්නීමය. ඊට අවශ්‍ය කටයුතු රැසක් කෙහෙල්බද්දර පද්මේ විසින් විශාල මුදලක් වැයකරමින් සකස්කර තිබුණත් ඔහු ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගැනීමත් සමඟ ඒ සියල්ල ඇනහිට ඇත.
ඉෂාරා සෙව්වන්දි ඇතුළු කිහිප දෙෙනක් ඒ වන විටත් නේපාලයේ කොටුවී සිටින බව කෙහෙල්බද්දර පද්මේ විසින් හෙළිකිරීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම පිරිස කොටුකර ගැනීමට අන්තර්ජාතික පොලීසියේද සහාය ඇතිව නේපාල පොලීසියෙන් සහාය ඉල්ලා තිබේ. කෙහෙල්බද්දර පද්මෙගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවූ තොරතුරු මත ඉෂාරා සෙව්වන්දි සැඟව සිටින ස්ථානය ගැන තොරතුරු අනාවරණය කරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඒ බව නේපාල පොලීසිය දැනුම්වත් කිරීමටද පියවර ගෙන තිබුණි. ඒ අනුව ඉෂාරා සෙව්වන්දි නිශ්චිත ලෙසම කත්මණ්ඩු සිට කිලෝ මීටර් 15 පමණ ඈත ප්‍රදේශයක තට්ටු නිවාස සංකීර්ණයක නවාතැන් ගෙන සිටින බව නේපාල පොලීසියේද සහාය ඇතිව තහවුරු කරගෙන ඇත. සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් නේපාලය බලා ඉකුත් සෙනසුරාදා ගමන්කර ඇත්තේ ඒ අනුවය. ඉෂාරා සෙව්වන්දි කොටුකර ගැනීමේ රහස් මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ ඇය ඒ වන විටත් රැඳී සිටි ස්ථානයෙන් පිටතට ගෙන්වාගෙනය. එම මෙෙහයුම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ද මෙරට සිට සම්බන්ධව සිටීම විශේෂත්වයකි.
එම මෙෙහයුමට සමගාමීව යම් පුද්ගලයෙකුගෙන් ඉෂාරා සෙව්වන්දිට ලද දුරකතන ඇමතුමකට අනුව ඇය නවාතැන් ගෙන සිටි බව කියැවෙන තට්ටු නිවාසයෙන් එළියට විත් මහාමාර්ගයට පැමිණි අවස්ථාවේ දී පොලීසිය ඇයව අත්අඩංගුවට ගෙන තිබේ. නේපාල පොලීසියේ නිලධාරීන් විසින් එම අත්අඩංගුවට ගැනීම කර ඇත. එම ස්ථානයේ රොහාන් ඕලුගලත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාත් සිට ඇති බව සඳහන්ය. ඉෂාරා සෙව්වන්දිව හඳුනාගෙන ඇත්තේ ඔවුන් විසින්ය. එහි දී ඇගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී හෙළිවූ තොරතුරු මත නේපාලයේ දී ඇයට රැකවරණය ලබාදුන් පුද්ගලයෙක්ද අත්අඩංගුවට ගෙන ඇත. ඔහු යාපනයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇගෙන් කළ ප්‍රශ්න කිරීමේදීත් කෙහෙල්බද්දර පද්මේ විසින් හෙළිකර තිබුණු තොරතුරුත් පදනම් කරගෙන තවත් ස්ථාන දෙකක කළ වැටළීමේ දී සෙසු සැකකරුවන් 04 දෙනා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් අතරින් අන්තර්ජාතික පොලීසිය මඟින් රතු නිවේදන නිකුත් කර තිබෙන්නේ ඉෂාරා සෙව්වන්දිට පමණක් බැවින් ඇයව භාරගෙන මෙරටට රැගෙන ඒමට නිලධාරීන් නේපාලයට ගිය බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ පරීක්ෂා කිරීමේ දී ඇය සතුව තිබී වීදෙස් ගමන් බලපත්රයක්ද හමුවී ඇත. එම විදෙස් ගමන් බලපත්‍රය ඉෂාරාගේ ඡායාරූපය සහිත විදේශ රටක එකකි. එම විදේශ ගමන් බලපත්‍රයට අනුව ඇය ශ්‍රී ලංකිකයෙක් නොවන බවට සිය අනන්‍යතාවද වෙනස්කර ගෙන සිට ඇත. එම විදෙස් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් අන්තර්ජාතික පොලීසියේ සහාය ඇතිව විමර්ශනයක් පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඇය සමඟ අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් 05 දෙනාද නේපාලයේ රැඳීසිට ඇත්තේ නීතිවිරෝධිවය. එබැවින් ඔවුන්ව මෙරටට පිටුවහල් කර ගැනීමට පහසුවක් වී ඇත. ඉෂාරා සෙව්වන්දි ඇතුළු මෙම සැකකරුවන් මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව බොහෝ තොරතුරු හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි.
මෙම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සඳහා විදේශ බුද්ධි අංශවලත් විදේශයන්වලත් සහාය ලැබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් පැවසීය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart