
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු කොරියාවේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකුට ඔහු සමග සිටි තවත් ලාංකික පුද්ගලයකු පිහියකින් ඇන ඝාතනය කර තිබේ.
ඉකුත් 03 වැනිදා අලුයම මෙම ඝාතනය සිදුව ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පමුණුගම පදිංචිව සිටි බී. කේ. ෂෙනිත් දුලාජ් චතුරංග නැමති 29 හැවිරිදි එක්දරු පියෙකි.
චතුරංගගේ මරණය ගැන ඔහුගේ බිරිඳ වන 26 හැවිරිදි මෙලනි වාසනා මෙලෙස අදහස් දක්වා තිබේ.
“මමයි චතුරංගයි වසර තුනකට කළින් විවාහ වුණේ. එයා අවුරුදු දෙක හමාරක් ජපානයේ සේවය කළා. එයා ජපානයේ ඉඳලා ලංකාවට ආවේ තාත්තා අසනීප වුණු නිසයි. ඒ ඇවිත් තාත්තාගේ එළවළු ව්‍යාපාරයට උදව් කරමින් හිටියේ. අපේ පුංචි දුව අපිට ලැබිලා අවුරුද්දක් විතර යද්දි අපි සියලුදෙනාගේම ජීවිත සැපවත් කරන්න හිතාගෙන තමයි එයා මේ අවුරුද්දේ අගෝස්තු 19 වනදා කොරියාවේ රැකියාවට ගියේ. එයා එහෙ වෑල්ඩර් කෙනෙක් විදියට තමයි සේවය කළේ. කොරියාවේ මොප්පෝ ප්‍රදේශයේ එයාගේ කාමරයේ එයා එක්ක තවත් දෙන්නෙක් ඉන්නවා.
අල්ලපු කාමරයේ තවත් දෙන්නෙක් ඉඳලා තියෙනවා. ඒ දෙන්නගෙන් එක් අයෙක් නිතරම බීලා ඇවිත් චතුරංග එක්ක රණ්ඩු කරගන්නවා කියලා එයා මට කිහිපවරක්ම කියලා තිබුණා. එයා ඒක එහෙ ඉන්න ඒජන්තවරයාටත් කියලා තිබුණා. ඉන්න තැන කරදරයි වෙන තැනක් හොයලා දෙන්න කියලා. ගිය ඉරිදා රෑ මාත් එක්ක කතා කරද්දි චතුරංග කිව්වේ අල්ලපු කාමරේ ඉන්න අරුණ කියන කෙනාගෙන් කරදයි කියලා. මම කිව්වා ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න කතාවට යන්න එපා කියලා. එහෙම මම කිව්වට පස්සේ චතුරංග නිදාගන්න යනවා කියලා ෆෝන් එක තිබ්බා.
එයා නිදාගෙන ඉද්දි තමයි අල්ලපු කාමරේ හිටපු කෙනා ඇවිත් පිහියකින් පපුවට ඇනලා තියෙන්නේ. චතුරංගගේ කාමරේ ඉන්න කෙනෙක් එයාගේ ගෙදරට කතා කරලා මේ බව කියලා තිබුණා. ඒ අය ඇවිත් තමා මේ දරාගන්න බැරි කතාව කිව්වේ. එයා නිදාගෙන ඉද්දි පිහියෙන් පපුවට ඇන්නට පස්සේ එක පාරටම නැගිටලා මට පිහියෙන් ඇන්නා කියලා එතැනම වැටිලා තියෙනවා. චතුරංග කාත් එක්කත් හිත හොඳින් වැඩකරපු කෙනෙක්. එයාට මේ වගේ දෙයක් වුණා කියලා කොහොමද විශ්වාස කරන්නේ. දැන් මගෙයි දරුවාගෙයි ලෝකය අඳුරු වෙලා. අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පෙරේදා ගියා. එතකොට තමයි ඒ රටේ ඉඳලා ෆැක්ස් එකක් ආවේ චතුරංගට පිහියකින් ඇනලා නැති වෙලා කියන එක. චතුරංගට පිහියෙන් ඇනපු කෙනා එරට පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන කියලා කියනවා.”(අරුණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart