
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු ප්රසාද දීමනාව අත්හිටුවීමට පාලනාධිකාරිය ගත් තීරණයට එරෙහිව ඊයේ රාත්රියේ වැලිගම, උඩුකාව ප්රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමකට අයත් ඇඟලුම් කම්හලක සේවකයන් විසින් විරෝධතාවයක් පැවැත්වීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් වාර්තා විය.
පාලනාධිකාරියේ තීරණය හේතුවෙන් නොසන්සුන්තාවට පත් සේවකයන් විසින් කම්හලේ කළමනාකරු සිය කාර්යාලයේ ප්රාණඇපයට තබාගැනීමත් සමඟ එම තත්වය උදගත වී තිබිණි.
මෙරට අපනයන සඳහා අමෙරිකාව විසින් මෑතකදී පනවා ඇති දැඩි තීරුබදු හේතුවෙන් සේවකයන්ට ලබාදෙන වාර්ෂික ප්රසාද දීමනාව ගෙවීමට සමාගමට නොහැකි බව පාලනාධිකාරිය එම සේවකයන්ට පවසා ඇත.
ඒ අනුව ආයතනික පාලන අධිකාරිය ඊයේ උදෑසන සේවකයන්ට දැනුම් දී ඇත්තේ මෙම වසරේ ප්රසාද දීමනා ලබානොදෙන බවයි.
මෙය කර්මාන්තශාලා කළමනාකාරිත්වය සහ සේවකයන් අතර මතභේදාත්මක තත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර දෙපාර්ශවය අතර මතගැටුමක් ද නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.
අනතුරුව පාලනාධිකාරිය විසින් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් පිරිසකට එහි ඇතුළුවීම අවහිර කර, ගේට්ටු අගුළු දැමීම හේතුවෙන් ආයතනයේ සියලු මෙහෙයුම් ඇණහිට තිබේ.
එහිදී සේවකයන් පවසා ඇත්තේ තම ඉල්ලීම් ඉටුවන තුරු එම පරිශ්රයෙන් පිටව නොයන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කර්මාන්ත ශාලාවේ කළමනාකාරීත්වය වැලිගම පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව එම ස්ථානයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි.
කෙසේවෙතත් එම සේවකයින් අද උදෑසන වන විටත් එම ස්ථානයේ රැඳී සිටිමින් සිය විරෝධතාවය ක්රියාත්මක කරන බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart