
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රට පුරා පවතින අයහපත් කාලගුණික තත්වයත් හේතුවෙන් ප්‍රාදේශීයව විදුලි බිඳවැටීම් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඊයේ සවස ඇති වූ තද වැසි, තද සුළං සහ අකුණු මඟින් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමේ බාධා ඇති වූ බව විදුලිබල මණ්ඩලය කියයි.
එහි ප්‍රතිඵලයක් ලෙස, විමසිල්ලෙන් සිටින ලෙසත්, ඕනෑම විදුලි බිඳවැටීමක් හෝ විදුලි දෝෂයක් වහාම වාර්තා කරන ලෙසත් එම මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ප්‍රතිචාර දැක්වීම විධිමත් කිරීම සඳහා, Android සහ iOS ජගම දුරකථන සේවා ලබාගත හැකි අතර CEBCare ජංගම යෙදුම හරහා බිඳවැටීම් වාර්තා කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.
මහජනතාවට ඕනෑම ගැටළුවක් වාර්තා කිරීම සඳහා පැය 24ම ක්‍රියාත්මක වන කෙටි අංකයක් වන 1987 අමතා ඉක්මණින් දෝෂ දැනුම්දෙන ලෙසත්, එවා විසදීමට දිවයින පුරා කණ්ඩායම් සූදානම්ව සිටින බවට ලංවිම මහජනතාවට සහතික වන අතර, මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදය තුළ මහජන සහයෝගය ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart